ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානය වසා දැමේ

රටේ උද්ගත වී ඇති තත්ත්වය මත කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම උදෙසා රජය විසින් ගෙන ඇති කි‍්‍රයාමාර්ගවලට අනුකූලවෙමින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ මූලස්ථානය අද (20) සිට නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබෙන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාගේ අත්සනින් නිකුත් කෙරුණු නිවේදනයක සදහන්.

මෙම කාලය තුළ පක්‍ෂ මූලස්ථානයේ සියළු අංශ වසා තැබෙන බවත්, මාධ්‍ය අංශය පමණක් සීමිත කාර්ය මණ්ඩලයක් යටතේ ජනතාව දැනුවත් කිරීමේ කාර්යය උදෙසා අවශ්‍ය අවස්ථාවන්හිදී පමණක් කි‍්‍රයාත්මකව පවතිනු ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *