ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් විරෝධතා උත්සන්න වෙයි

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ඔහුගේ රජයට එරෙහිව අද දිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතා කිහිපයක් පැවැත්වෙන අතර විරෝධතා උත්සන්න වී තිබේ.

පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ඉල්ලා අස්විය යුතු බවට බලකරමින් ප්‍රදේශ කිහිපයක මහජනතාව සාමකාමී මහජන විරෝධතාවල නිරත වී තිබෙනවා.

ජනාධිපතිවරයාගේ සහ ඔහුගේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනතා අප්‍රසාදය පළ කිරීම සඳහා අද දිනයේදීත් අඛණ්ඩව විරෝධතා ව්‍යාපාරවල නිරත වීම හේතුවෙන් සිව් දෙනෙකුගෙන් යුත් තාවකාලික ආණ්ඩුවක් පත් කිරීමට ජනාධිපතිවරයා ගත් පියවර අසාර්ථක වී තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක වන විරෝධතා අතරතුර ප්‍රධාන පෙළේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේම නිවාස ද ජනතාව විසින් වටලනු ලැබුවා.

පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනාධිපතිවරයා සමග අමාත්‍යවරුන් ඉල්ලා අස්විය යුතු බව පවසමින් මහජනතාව ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ නිවෙස් වටලා උද්ඝෝෂණවල නිරත වී තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ තංගල්ලේ පිහිටි පෞද්ගලික නිවස, අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, ගාමිණී, ලොකුගේ රමේෂ් පතිරණ, කංචන විජේසේකර, රොෂාන් රණසිංහ නිමල් ලාන්සා සහ ජනක බණ්ඩාර තෙන්නකෝන් යන අමාත්‍යවරුන්ගේ නිවාස ද විරෝධතාවයේ නිරත ජනතාව විසින් වටලා තිබුණා.

අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා යාපනයේ පිහිටි කාර්යාලය තුළ සිටියදී විරෝධතාකරුවන් එම කාර්යාලය වටලා ඇති බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *