ශ්‍රී ලංකාව කාර්යක්ෂමව කොරෝනා වසංගතයට එරෙහිව සටන් කරනවා – ඉන්දීය අගමැති

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව කාර්යක්ෂම ලෙස කොරෝනා වසංගතයට එරෙහිව සටන් කරමින් සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා.

එමෙන්ම මෙම වසංගතයට එරෙහිව මෙන්ම එහි ආර්ථික බලපෑම සම්බන්ධයෙන් කටයුතු කිරීමේදි ඉන්දියාවේ සහය අඛණ්ඩව ශ්‍රී ලංකාවට ලබාදෙන බවයි ඉන්දීය අග්‍රාමාත්‍ය වරයා කියා සිටින්නේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සහ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර මේ පිළිඹද සංවාදයක් පවත්වා තිබෙන අතර, ඒ පිළිබඳව ට්විටර් සටහනක් තබමින් නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ඉන්දීය සහය හිමිවන ව්‍යාපෘති වේගවත් කිරිමට දෙපාර්ශවයම එකග වු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *