Thursday, 5 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ශ්‍රී ලංකාව ලකුණු 212ක් ඉදිරියෙන‍්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 410ක් රැස් කරගෙන සිටී.

ඇන්ජලෝ මැතිව්ස් සිය 16වෙනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර දිනේෂ් චන්දිමාල් 15වෙනි ටෙස්ට් ශතකය රැස්කිරීමට සමත් විය.

දිනේෂ් චන්දිමාල් ලකුණු 107ක් රැස් කරගෙන සිටියදී දැවී ගියේය.

එමෙන්ම ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 141ක් රැස්කරගෙන සිටියදී දැවී ගියේය.

ඇෆ්ගනිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා රැස්කර ගනු ලැබුවේ ලකුණු 198ක් පමණි.

ඒ අනුව ඇෆ්ගනිස්තාන පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකාව ලකුණු 212ක් ඉදිරියෙන් පසුවෙයි.

ඔබේ අදහස