විසි වැනි ව්‍යවස්ථා සංශෝධනයට අපි විරුද්ධයි – සම්බන්දන්

විසි වැනි ව්‍යවස්ථා සංශෝධනයට තම පක්ෂය විරුද්ධ බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්දන් මහතා පවසයි.

ඒ මහතා කියා සිටින්නේ විසි වැනි සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක් කරන යෝජනා ඇතුළත් ව්‍යවස්ථා සංශෝධනයක් බවත්, එයට විරුද්ධව සියලු පක්ෂ සමඟ අත්වැල් බැඳගෙන ක්‍රියා කරන බවත්ය.

එමෙන්ම 19 වැනී ව්‍යවස්ථා සංශෝධනය හරහා ස්වාධීන කොමිසන් සභා පත් කිරීමටත්, ජනාධිපතිවරයාගේ අනිසි බලතල අඩු කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබුණ නමුත්, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ප්‍රජාතන්ත්‍රවාදයට විශාල පහරක් එල්ලවන බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *