විවිධ ආකාරයෙන් ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයන් 30ක් අත්අඩංගුවට

ගත වූ කාලයතුළ ඇඳිරි නීතිය කඩකරමින් කටයුතු කළ පුද්ගලයින් 28 දෙනෙකු දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇති පිරිස් අතර රථ වාහන වලින් ගමන් ගත් පුද්ගලයින්, කණ්ඩායම් ලෙස මත්පැන් පානය කරමින් සිටි පිරිස්, නිකරුණේ මාර්ගයේ ගැවසුණු පිරිස් හා ආපන ශාලාවක් විවෘත කර තැබූ පුද්ගලයෙක් ද වනවා. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18ත් 56ත් අතර වයසේ පසුවන පුද්ගලයින් වන අතර ඔවුන් දඹුල්ල, බණ්ඩාරවෙල, තංගල්ල, හැටන් සහ මිනුවන්ගොඩ යන මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඇදිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ එය කඩකරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *