වියට්නාමය

බ්‍රිතාන්‍ය සහ ඉන්දීය හයිබ්‍රිඩ් වෛරසයක් වියට්නාමයෙන්

වියට්නාමය විසින් ඉන්දියානු සහ එක්සත් රාජධානියේ ප්‍රභේදවල එකතුවක් ලෙස පෙනෙන කොවිඩ්-19 නව හයිබ්‍රිඩ් ප්‍රභේදයක් සොයාගෙන ඇති අතර, එය ඉක්මනින් වාතය හරහා ව්‍යාප්ත විය හැකි බව බලධාරීන් අනතුරු අඟවා තිබේ.

වෛරස සැමවිටම විකෘති වන අතර බොහෝ ප්‍රභේද එතරම් අවදානමක් නොවූවත්, සමහරක් වෛරස ප්‍රභේද වඩාත් බෝවිය හැකි ලෙස විකෘති වෙයි. කොවිඩ්-19 ප්‍රථම වරට නිල වශයෙන් හඳුනාගනු ලැබූ 2020 ජනවාරි මාසයේ සිට මේ දක්වා වෛරසයේ ප්‍රභේද දහස් ගණනක් අනාවරණය වී ඇත.

මුල් ප්‍රභේදයන් මෙන්ම, මෙම නව වෛරස ප්‍රභේදයන් ආසාදනය වීමේදීද වැඩි අවදානම වයස්ගත හෝ සැලකිය යුතු නිධන්ගත සෞඛ්‍ය තත්ත්වයන් ඇති පුද්ගලයින් සඳහා ඉහළම මට්ටමක පවතී. කෙසේ වෙතත් කොරෝනා වෛරසයේ ඕනෑම ප්‍රභේදයක් බහුතර පිරිසකට වඩාත් බරපතළ රෝගාබාධ ඇති කරන බවට කිසිදු සාක්ෂියක් නොමැත. නමුත් වෛරසයක් බොහෝ ආසාදනය වන්නේ නම් හා ඒ හා සමානවම භයානක වීම නිසා අනාරක්ෂිත ජනගහනයක වැඩි මරණ සංඛ්‍යාවක් සිදුවීම නොවැළැක්විය හැකිය.

ලෝකයේ වඩාත් හොඳින්ම කොවිඩ්-19 පාලනය කළ රාජ්‍යයක් ලෙස වියට්නාමය තුළද මෑත සතිවල කොවිඩ්-19 ආසාදන ඉහළ ගොස් තිබේ. ඒ අනුව වසංගතය ආරම්භයේ සිටම රට තුළ කොවිඩ්-19 ආසාදිතයන් 6,700කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි වී තිබේ. ඒවායින් අඩකට වඩා වාර්තා වී ඇත්තේ මේ වසරේ අපේ‍්‍රල් අග සිට ය.

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව කොවිඩ්-19 ආශ්‍රිත මරණ 47ක් මේ දක්වා වියට්නාමයෙන් වාර්තා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *