විදුලි, ඛණිජතෙල් ආයතන සේවකයන්ට සේවා හැදුනුම්පත මගින් රාජකාරියට වාර්තා කිරීමට පොලිසියෙන් අවසර

අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා විදුලි පුද්ගලික සමාගම (LECO), ලංකා ඛණිජ තෙල් සංස්ථාව සහ සීමාසහිත ලංකා ඛණිජ තෙල් ගබඩා පර්යන්තය යන ආයතනවල සේවකයින්ට සිය සේවා හැදුනුම්පත ඇඳිරි නීති බලපත‍්‍රයක් ලෙස භාවිතා කරමින් සේවා ස්ථානවලට පැමිණීමට අවසර ලබාදී ඇති බව පොලීසිය පවසනවා.

එහෙත් ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා විදුලි පුද්ගලික සමාගම, ලංකා ඛණිජ තෙල් සංස්ථාව සහ සීමාසහිත ලංකා ඛණිජ තෙල් ගබඩා පර්යන්තය යන ආයතනවල සේවකයන් තම රාජකාරී කටයුතු සඳහා ගමන් කිරීමේදී සේවා හැඳුනුම්පත, ඇඳිරි නීති බලපත‍්‍රයක් ලෙස භාරගත නොහැකි බවට ප‍්‍රකාශ කරමින් විවිධ බාධා කිරීම් සිදුවන බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.

ඒ අනුව අදාළ සේවකයන්ටද තම සේවා හැඳුනුම්පත, ඇඳිරි නීති බලපත‍්‍රයක් ලෙස භාවිතා කිරීම සඳහා අවසර දී ඇති බව වැඩබලන පොලිස්පතිවරයා සියළු පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *