විදුලිය විසන්ධි කර ඇති අවස්ථා වල දුම්රිය හරස් මාර්ග භාවිත කිරීමේදී ප්‍රවේශම් වන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය ගේට්ටු ක්‍රියාත්මක නොවන විදුලිය විසන්ධි වන අවස්ථාවලදී දුම්රිය හරස් මාර්ග භාවිත කිරීමේදී විමසිලිමත් වන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව රියදුරන්ට සහ පදිකයින්ට දැනුම් දෙන බව දුම්රිය ගමනාගමන අධිකාරී ඒ.ඩී.ජී.සෙනෙවිරත්න මහතා පැවැසීය.

බොහෝ දුම්රිය හරස් මාර්ග විදුලි බලයෙන් ක්‍රියාත්මක වන “බෙල් සහ ලයිට්” වලින් සමන්විත බව ඔහු පැවසීය.

විදුලිය ඇනහිටීම් වලදී, එම රේල් ගේට්ටු බැටරි බලයෙන් ක්‍රියාත්මක විය. නමුත් පැය ගණනාවක් තිස්සේ පවතින විදුලිය විසන්ධි වීම නිසා බැටරියේ ධාරිතාව බොහෝ විට සිඳී යන බව ඔහු පැවසීය.

එම නිසා බෙල් සහ ලයිට් පද්ධති නිසියාකාරව ක්‍රියා නොකිරීමට ඉඩ ඇති බව ඔහු පැවසීය.

එබැවින් විදුලිය විසන්ධි වන අවස්ථාවලදී දුම්රිය හරස් මාර්ග භාවිත කිරීමේදී අවධානයෙන් සිටින ලෙස ජනතාවට උපදෙස් දෙන බවද සෙනෙවිරත්න මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *