වැදගත්ම අමාත්‍යාංශ ටික රාජපක්ෂවරු බෙදාගෙන – තිස්ස අත්තනායක

නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය පත්කර ඇත්තේ කිසිදු විද්‍යාත්මක පදනමකින් නොවන බවත්, අමාත්‍යාංශවල විෂයපථ බෙදී ගොස් ඇති ආකාරය පැහැදිලිවම ගැටලු සහගත බවදත් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසා සිටියි.

සමහර ඇමැති ධුරවල නම් ජනතාව ඉදිරියේ කියන්නත් ලැජ්ජා බවටත් ඇතැම් ඇමතිවරු පැවසූ බවත්, අල ඇමැති, මැටි ඇමැති, බතික් ඇමැති වගේ හාස්‍යජනක පදනමකින් ඇමතිකම් ලබා දී ඇති බවත් ඒ මහතා පවසා සිටියි.

එමෙන්ම වැදගත්ම අමාත්‍යාංශ ටික රාජපක්ෂවරු අතර බෙදාගෙන ඇති බවත්, ඒ අනුව වැඩිම බලතල ප්‍රමාණයක් බෙදී ගිහින් තියෙන්නේ රාජපක්ෂවරුන්ගේ හිතවතුන් අතර බවටත් ඒ මහතා චෝදනා කරයි. එමෙන්ම මැතිවරණ ප්‍රතිඵලයට අනුව ජනතාව ඡන්දය ලබාදී ඇත්තේ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියෑමට වුවත්, මේ කැබිනට් මණ්ඩලයෙන් ජනතා මතය පිළිබිඹු නොවන බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *