වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු රෝගීන් සඳහා දීමනා අද දිනයේදී ලබාදේ

කොවිඩ් 19 වයිරසයේ අවදානම හේතුවෙන් වැඩි ප්‍රමුඛතාවයක් ලබා දිය යුතු පාර්ශව වන වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු රෝගීන් සඳහා අදාළ ගෙවීම් අද දිනයේ සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කිරීමට තීරණය කළ බව කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය පවසයි.

කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ පුර්ණ අධීක්ෂණය මත මෙම ගෙවීම් සිදුකිරිමට අමාත්‍යාංශ නිලධාරින්ට උපදෙස් ලබා දි ඇති බව සඳහන්.

කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කරන්නේ සමෘද්ධි දීමනාව ඇතුළු අනෙකුත් දීමනාද ලබා දීම හෙට සිට ක්‍රියාත්මක කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *