වන සත්ව වෙළදාම සඳහා ගෝලීය තහනමක් පනවන ලෙස එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්ව කටයුතු පිළිබඳ ප්‍රධානී එලිසබෙත් මරූමා නිර්දේශ කර තිබේ.
ඇය පවසන්නේ “පසුගිය වසර 60 ක පමණ කාලය තුළ සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වන නව රෝග බොහොමයක් මානව ක්‍රියාකාරකම්වල ප්‍රතිලයක් ලෙස ඇති වූ බව අපි දනිමු, වන සතුන් වෙළඳපොලේ මිලදී ගැනීම සහ විකිණීම මිනිස් ජීවිතවලට මෙන්ම වඳවීමේ තර්ජනයට මුහුණ දී සිටින සතුන්ගේ ජීවිතවලටද දැඩි බලපෑමක් එල්ල විය හැකි බවයි” යන්නයි.
ලොව පුරා පැතිර යමින් තිබෙන නව කොරෝනා හෙවත් කොවිඩ් 19 වෛරසයද මානවයාට ආසාධනවීම ආම්භ වූ බවට සැලකෙන්නේ වන සත්ව වෙළෙදපොළක් පිහිටා තිබූ වුහාන් නගරය කේන්ද්‍ර කරගනිමිනි.