වනාතවිල්ලුවේ දැවැන්ත වන සංහාරයක්

වනාතවිල්ලුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත්, එළුවන්කුලම කූරටියාමොට්ටේ ප්‍රදේශයේ සිදුකර ඇති දැවැන්ත වන සංහාරයට වගකිව යුතු පිරිස් වෙත තරා තිරම් නොබලා නීතිය ක්‍රියාත්මක කරන්නැයි වයඹ පරිසර සංවිධාන කිහිපයක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලිම් කරනවා.

වනාතවිල්ලුව කුරටියාමොට්ට ප්‍රදේශයේ පිහිටා ඇති වසර සිය ගනනක් පැරණි මෙම වනාන්තර පද්ධතිය සංවිධානාත්මක පිරිස් විසින් දේශපාලඥයින්ගේ ආධාර අනුබල ඇතිව වනසා ඇති බවත් මේ පිළිබදව නිසි අවධානය යොමු කරන්නැයි වයඹ පරිසර හඩ සංවිධානයේ සභාපති විල්පොත ප්‍රේමානන්ද හිමියන් පවසා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *