ලෝක කුසලානයට යන 19න් පහළ සංචිතය නම් කෙරේ

දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත 2024 වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ද හිමි ව ඇති අතර, තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද (11) උදෑසන දකුණු අප්‍රිකාව බලා පිටත් වන බව වාර්තා වේ.

සංචිතය පහතින්,

සිනෙත් ජයවර්ධන (නායක)
මල්ෂ තරුපති (උපනායක)
පුලිඳු පෙරේරා
හිරුන් කපුරුබණ්ඩාර
රවිශාන් නෙත්සර
රුසඳ ගමගේ
දිනුර කළුපහන
විශ්ව ළහිරු
ගරුක සංකේත්
දුවිඳු රණතුංග
රුවිෂාන් පෙරේරා
සුපුන් වඩුගේ
විහස් තෙව්මික
විශේන් හලඹගේ

සංචාරයට එක් වන අතිරේක ක්‍රීඩකයන්

දිනුක තෙන්නකෝන්
හිරාන් ජයසුන්දර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *