කොරෝනා

ලොව පුරා රැකියා මිලියන 25ක් අවදානමේ?

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ලොව පුරා රටවල් රැසක් පනවා ඇති සංචාරක සීමාවන් හේතුවෙන් රැකියා මිලියන 25ක් අවදානමට ලක්ව ඇති බවට අනාවරණය වී තිබේ.

ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය විසින්  නිකුත් කර ඇති නවතම විශ්ලේෂණ වාර්තාවෙන් මෙය අනාවරණය වී ඇති බව සඳහන්ය.

ඔවුන් පෙන්වාදි දි ඇත්තේ ගෝලීය වශයෙන් මිලියන 65.5 ක පමණ ජනතාවගේ ජීවනෝපායන් සංචාරක හා ගුවන් සේවා ක්ෂත්‍රය මත රඳා පවතින බවයි.

නමුත් රටවල් රැසක් සංචාරක සීමාවන් පැනවීම හේතුවෙන් එම ක්ෂත්‍රයන් හි රැකියා මිලියන 25 ක් අවදානමට ලක්ව ඇති බවට නිරිකෂණය වි ඇති බවයි ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *