කොවිඩ් 19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව දහනම ලක්ෂ අනූ අට දහස ඉක්මවා තිබේ. විදෙස් වාර්තා වලට අනුව මිලියන 2ක සීමාවට ලගාවීම සදහා ඇත්තේ තවත් 1,860ක ප්‍රමාණයක් පමණි. එමෙන්ම ආසාධනය වී මියගිය සංඛ්‍යාව 126,688 දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ (14) දිනය තුළ ද වැඩිම ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවක් අමෙරිකාවෙන් වාර්තා වූ අතර මරණ සංඛ්‍යාව 2,407ක් ලෙසත් ආසාධිතයින් සංඛ්‍යාව 26,945 ලෙසත් සටහන් විය.
මීට අමතරව බ්‍රිතාන්‍යයේ 778ක්, ප්‍රංශයේ 762ක්, ඉතාලියේ 602ක් සහ ස්පාඤඤයේ 499ක් ද ඊයේ දිනය තුළ මියගොස් තිබේ.