ජනාධිපති

ලැබුණු තනතුරු ගැන සෑහීමකට පත් නොවූ අමාත්‍යවරුන්ට ජනපති දුරකතනයෙන් අමතයි

තමන්ට හිමි වූ මැති ඇමැති තනතුරු පිළිබඳ සෑහීමකට පත් නොවී ඇති බවට වාර්තා වූ අමාත්‍යවරුන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පුද්ගලිකව දුරකථනයෙන් අමතා ඔවුන්ට අදාළ එම විෂය කාර්යයයේ ඇති වැදගත්කම අවබෝධ කර දී ඇති බව වාර්තා වේ. ඒ අනුව ජනාධිපතිවරයා දයාසිරි ජයසේකර, ලොහාන් රත්වත්ත, රංජිත් සියඹලාපිටිය, විජයදාස රාජපක්ෂ යන මහත්වරු ඇතුළු තවත් කිහිපදෙනකුට දුරකථන ඇමතුම් ලබාදී ඇති බවටත් වැඩිදුරටත් තොරතුරු වාර්තා වේ.

ජනාධිපතිවරයා දුරකතන ඇමතුම් හරහා වැඩිදුරටත් පැහැදිළි කර ඇත්තේ එම විෂය කාර්යයන් නිශ්චිතව දක්වා ඇත්තේ ඒවාට සම්බන්ධ ප්‍රජාවටද අමාත්‍යංශය පිළිබඳ අවබෝධයක් ලබාදීමේ අරමුණින් බවත් එම අමාත්‍යංශවලින් බොහෝ නිර්මාණාත්මක කාර්යයන් ඉටු කළ හැකි බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *