ලබන වසරේදී මෙරට කහ අවශ්‍යතාවය දේශීයව සපයාගත හැකියි – වැවිලි කර්මාන්ත ඇමති

2021 වර්ෂය වන විට මෙරට පරිභෝජනයට අවශ්‍ය කහ ප්‍රමාණය මෙරටදීම නිෂ්පාදනය කර ගැනීමට හැකි බව සම කැබිනට් ප්‍රකාශක හා වැවිලි කර්මාන්ත ඇමති රමේෂ් පතිරණ මහතා පවසයි. පසුගිය කාල සීමාව තුළ වසරකට මෙට්‍රික් ටොන් 2500 ක්වූ මෙරට කහ නිෂ්පාදනය ඉදිරියේදී මෙට්‍රික් ටොන් 6000ක දක්වා වර්ධනය කිරිමට හැකි බවද ඒ මහතා පැවසීය.

ඇමතිවරයා මේ අඳහස් පළ කළේ, අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.

එහිදි මාධ්‍යෙව්දියෙකු නැගූ පැනයකට පිළිතුරු දුන් ඇමතිවරයා පැවසුවේ, වාර්ෂික රුපියල් කොටි 150 මුදලක් වැය කරමින් කහ රටින් ගෙන් වූ බවත්, මෙය දේශිය නිෂ්පාදනය ගැටලුවක් බැවින් 2019 වසරේ නොවැම්බර් මාසයේ සිට කහ ආනයනය කිරිම තහනම් කළ බව කීය. එම තීරණය මෙරට දේශීය ගොවියා දිරිමත් කිරිමට ගෙන ඇති බවත් එසේ සිදු කරන්නේ, මෙරට කෘෂිකර්මාන්තය නඟා සිදු විමටත්, ස්වශක්තියෙන් නැඟි සිටිනා මිනිසුන්ගේ අනාගතය ශක්තිමත් කිරීමට බවත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *