ලක්ෂ 7ක අඹයක්

යාපනය, නාගර්කෝවිල් හි ශ්‍රී මුරුගන් කෝවිලේ වාර්ෂික මංගල්‍ය වෙනුවෙන් පැවති වෙන්දේසියේදී අඹ ගෙඩියක් රුපියල් ලක්ෂ හතක මුදලකට වෙන්දේසි වූ බව එම කෝවිලේ පාලනාධිකාරිය පවසයි.

කෝවිලේ වාර්ෂික මංගල්ලය සතියක් පැවැත්වෙන අතර මංගල්‍යෙය් අවසන් දිනය වු ඊයේ දිනයේ වෙන්දේසියේදී රුපියල් ලක්ෂ හතක මුදලකට අඹ ගෙඩියක් වෙන්දේසි වු බවත් සඳහන් කළේය.

යාපනය, නාගර් කෝවිල් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් දෙවියන් වෙත වු බාරයක් ඔප්පු කිරීම සඳහා අඹ ගෙඩිය රුපියල් ලක්ෂ හතක මුදලකට මිලදි ගෙන තිබිණ.

අඹ ගෙඩිය දෙවියන් වෙනුවෙන් පූජා කිරීම සිදුකළ අතර, කෝවිල් පාලක සභාව පැවසූවේ වෙන්දේසියෙන් ලද මුදල කෝවිල සංවර්ධනය වෙනුවෙන් යොදා ගන්නා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *