තේ පොහොර සහනාධාරයට මිලියන 2400ක්

තේ  පොහොර සහනාධාරය ලබා දීම සඳහා අවශ්‍ය සමස්ත මුදල වන රුපියල් මිලියන 2400ක්  ශ්‍රී ලංකා තේ මණ්ඩලය ලබා දී ඇතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

තේ වගාව සඳහා පොහොර සහනාධාර වැඩ සටහන ඉකුත්  සතියේ සිට ක්‍රියාත්මක කර තිබෙන බවද අමාත්‍යාංශය කියයි.

රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන ලද පොහොර වර්ග 5ක මිල ගණන් මේ යටතේ රුපියල් 4000කින් අඩු කිරීමට පියවර ගෙන ඇතැයි කී කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා තේ නිෂ්පාදනය වැඩි කිරීමට නම් සියලුම තේ වගාවන්ට පොහොර යෙදීම අත්‍යවශ්‍ය බව සඳහන් කළේය.

රාජ්‍ය පොහොර සමාගම මේ වනවිට තේ වගාව සඳහා යොදා ගන්නා  T 200, T 750, U 709, U 834, T 65 යන පොහොර වර්ග පහේ  මිල ගණන් අඩු කර තිබෙන බව අමාත්‍යාංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *