රුපියලේ අගය තවත් පහතට

නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (20) තවදුරටත් පහළ ගියේය. රුපියල් අගය අද 189.87 ලෙස සටහන්ව තිබූ අතර, මෙම අගය ගනු ලැබුවේ ඉතිහාසයේ පළමු වරටයි. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනේ අද ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 189.87ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 185.38 ක් ලෙසත් දැක්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *