රුපියල් 5000 දීමනාව ලබාදීම තව දුරටත් පුළුල් කෙරේ

ජිවනෝපාය අහිමි වූ පවුල් ඒකක සඳහා ගෙවනු ලබන රුපියල් 5000 දීමනාව ගෘහ මුලික ලයිස්තුවේ ඇති පවුල් ඒකකයක සිටින අනු පවුල් සඳහා ද ගෙවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රජය තීරණය කර තිබේ.

ඒ අනුව පවුල් ඒකකයක් තුල සිටින විශේෂයෙන් වෙන් කර ගත හැකි අනු පවුල්වලට අමතරව විදේස් ගත රැකියා වල නිරතවන්නන් සිටින ආර්ථික දුෂ්කරතා ඇති පවුල් සඳහා ද මෙම දීමනාව ගෙවීමටයි රජය තීරණය කර ඇත්තේ.

එමෙන්ම පෞද්ගලික අංශයේ ඇඟළුම් කර්මාන්ත ශාලා වැනි රැකියාවල නියුතු අප්‍රේල් මස වැටුප නොලැබූ හෝ රුපියල් 5000 කට වඩා අඩුවෙන් වැටුප් ලැබූ පුද්ගලයින් සිටින පවුල් සඳහා ද මෙම සහනය ලබා ගත හැකියි.

ඊට අමතරව විවිධ විශ්‍රාම වැටුප් ක්‍රම මගින් රුපියල් 5000 ට වඩා අඩු විශ්‍රාම වැටුපක්, අප්‍රේල් මාසයේ ලැබූ පුද්ගලයින්, වැවිලි කේෂ්ත්‍රයේ අනියම්, ආදේශක, තාවකාලික වැටුප් ලබාගත් අයෙක් සිටින පවුල් සහ මෙම දීමනාව ලබා ගැනීම සඳහා සුදුසුකම් සපුරා ඇති, එහෙත් එය මෙතෙක් නොලැබූ පවුල් ඊට සුදුසුකම් ලබා තිබෙනවා.

මේ සඳහා ඉදිරිපත්වන අභියාචනා ග්‍රාමීය කමිටු වෙත ඉදිරිපත් කර එම කමිටුවේ නිර්දේශ සහිතව ප්‍රාදේශිය ලේකම් වෙත ඉදිරිපත් කළ යුතු වන අතර මෙම සියලු ගෙවීම් අද දිනය වනවිට සිදු කළ යුතු බවට ජනාධිපතිවරයා අදාළ බලධාරින්ට උපදෙස් ලබාදී ඇතැයි සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *