රිෂාඩ්

රිෂාඩ් බදියුදීන් සොයා ගැනීමට තවදුරටත් පරීක්ෂණ

අත් අඩංගුවට ගැනීම සදහා සොයමින් සිටින හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මේ වන තෙක් සොයා ගැනීමට නොහැකිවී ඇති බවට වාර්තා වේ. සැඟව සිටින හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට තවදුරටත් පරීක්‍ෂණ කි‍්‍රයාත්මක බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැල්ලවත්ත ප‍්‍රදේශයේදී සොයා ගැනුණු සුඛෝපභෝගී මෝටර් රථ දෙක හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් විසින් භාවිත කර ඇති බවට අනාවරණ වී තිබේ. එම මෝටර් රථ දෙකේ රියදුරන් දෙදෙනා ද පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගැනුණා. එම මෝටර් රථ 02 තුළ තිබී පිස්තෝල 02 ක්, මැගසින් 04 ක් සහ පතරොම් 48 ක් ද සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *