රිෂාඩ් බදියුදීන් කොළඹ නීතිඥවරයකුගේ කාර්යාලයට ඇවිත්..?

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකිවී ඇති හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතා තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පසුගිය 15 වැනිදා සිය නීතිඥයන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට ගොනුකළ රිට් ආඥා පෙත්සමට අදාළ ලියකියවිලිවලට අත්සන් තැබීමට කොළඹ පිහිටි නීතිඥවරයකුගේ කාර්යාලයට පැමිණ ඇති බවටත්, අදාල කටයුතු අවසන් වූ පසු ඔහු ඉන් පිටවී ගොස් ඇති බවටත් තොරතුරු වාර්තා වේ.

රිෂාඞ් බදුර්දීන් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සහකාර පොලිස් අධිකාරිවරුන් කිහිපදෙනෙකුගේ මෙහෙයවීම යටතේ 60 දෙනෙකුට අධික පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා තිබේ. එවැනි තත්වයක් තිබියදීත් සැකකාර රිෂාඞ් බදුර්දීන් කොළඹ ඉතා ජනාකීර්ණ ප‍්‍රදේශයක පිහිටි මෙම නීතිඥ කාර්යාලය වෙත පැමිණ සිය කාර්යය නිමකර ආපසු ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *