රියාජ් බදුර්දින් නිදහස් කිරීම යුක්ති සහගත නොවන බවත්, තව දුරටත් විමර්ශනය කළ යුතු බවත් නීතිපති පෙන්වා දෙයි

හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් නිදහස් කිරීම පිළිබද තවදුරටත් විමර්ශනය කළ යුතු බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද දැනුම් දී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ ප‍්‍රධාන විමර්ශන නිලධාරියාට මෙම සිදුවීමට අදාළ සියළු විමර්ශන ගොනු අද දිනයේ රැගෙන එන ලෙසට නීතිපතිවරයා ඊයේ දැනුම් දී තිබුණි. ඒ අනුව ඔවුන් අද නීතිපතිවරයා හමුවට පැමිණි අවස්ථාවේදී නීතිපතිවරයා මේ බව දන්වා තිබේ.

ඒ අනුව නීතිපතිවරයා එම නිලධාරීන්ට දැනුම් දුන්නේ ඒ පිළිබද වැඩිදුර විමර්ශන සිදු කර මසක් ඇතුළත විමර්ශන අවසන් කරන ලෙසයි. රියාජ් බදියුදීන් නිදහස් කිරීම යුක්ති සහගත නොවන බව නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ ප‍්‍රධාන විමර්ශන නිලධාරියාට පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *