රාජිත ගොනුකළ ඇප අවලංගු කිරීමට එරෙහි පෙත්සම 29 දා විභාගයට ගැනේ

ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් අත්අඩංගුට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් ඇපය අවලංගු කරමින් කොළඹ මහාධිකරණය විසින් ප්‍රකාශිත නඩු තීන්දුවට එරෙහිව ඒ මහතා විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම මේ මස 29 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

අදාළ අභියාචනා පෙත්සම අද අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *