රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙක් හෙට කැබිනට් මණ්ඩලය හමුවට

මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල සහ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරු හෙට (27) කැබිනට් මණ්ඩලය හමුවට කැඳවා තිබේ.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ පවතින ආර්ථික අර්බුදය හමුවේ විදේශ ණය ගෙවීම සඳහා අවශ්‍ය මුදල් සපයාගැනීමට ගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳ එහිදී සාකච්ඡා කර සාමූහිකව තීරණයක් ගන්නා බවය.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා,

“පළමු ක්‍රමය IMF එකට යාම. දෙවැන්න හිතවත් රටවලින් මුදල් ගැනීම. ඊළඟ කැබිනට් මණ්ඩලයට මහ බැංකු අධිපති සහ භාණ්ඩාගාර ලේකම් ඇවිත් අපිට කරුණු කියාදෙයි. කැබිනට් මණ්ඩලය සාමූහික තීරණයක් ගනියි.” 

මේ අතර ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති විදේශ විනිමය අර්බුදය හමුවේ ඊට පිළියම් වශයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව රජයේ අභ්‍යන්තර සාක්චඡා පවතී.

එවන් වාතාවරණයක රජය මුදල් ඉතිරි කරගැනීමේ අරමුණින් රටවල් කිහිපයක කොන්සියුලර් කාර්යාල වසා දැමීමට තීරණය කිරීම නිසා විදෙස්ගත ශ්‍රමිකයින් අපහසුතාවට පත්ව ඇතැයි ”එතෙර අපි” සංවිධානය පැවසීය.

එතෙර අපි සංවිධානයේ ලේකම් ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා ඒ බව පැවසීය.

මේ අතර ට්විටර් සටහනක් තබන ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ.විජේවර්ධන මහතා පවසන්නේ මේ වනවිට මෙරට බැංකු පද්ධතිය තුළ රුපියල් බිලියන 455ක හිඟයක් පවතින බවය.

පොලී අනුපාතය සහ විනිමය අනුපාතය කෘත්‍රිම ලෙස පාලනය කිරීම මෙම අර්බුදය උග්‍රවීමට හේතු වූ බවද ඔහු පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *