බස්නාහිර පළාතේ ධාවනය වන ත්‍රිරෝද රථ සඳහා නව රෙගුලාසි

ජනවාරි 15 වැනිදා සිට බස්නාහිර පළාතේ ධාවනය වන සියලුම ත්‍රිරෝද රථ සඳහා මීටරය අනිවාර්ය කිරීමට තීරණය කර ඇත.

කුලියට ගැනීම සඳහා බස්නාහිර පළාතේ ධාවනය වන සියලුම ත්‍රිරෝද රථ ජනවාරි 15 වැනිදා වන විට කුලී මීටර් සවි කර තිබිය යුතු බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

2022 ජුනි 15 වැනිදා සිට අනෙකුත් සියලුම පළාත්වල ත්‍රිරෝද රථ සඳහා මීටර අනිවාර්ය කරන බව ද අමාත්‍යාංශය පවසයි.

ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර කියා සිටියේ දැනට පළාතේ ධාවනය වන බොහෝ ත්‍රිරෝද රථවල මීටර සවිකර නොමැති බැවින් රියදුරු තමන් විසින්ම ගාස්තුවක් අය කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *