රන්ජන් ඇප මත මුදා හැරේ

ඇඳිරි නීතිය කඩ කිරීම, එය කඩ කිරීම සඳහා ආධාර අනුබලදීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ පසුගිය 13 වනදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇප මත මුදාහැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කර තිබේ. ඒ අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදීය.

ඒ අනුව අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී නුගේගොඩ මහේස්ත්‍රාත් ඒ.එම්.එම් මිහාල් මහතා පැවසුවේ සැකකාර හිටපු මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂ දෙක බැගින්වූ ශරීර ඇපයක් මත මුදාහරින ලෙසයි. එය ගෙවන තෙක් පුද්ගලික ඇප මත නිදහස් කිරීමට හැකියාව පවතින බව දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා සැප්තැම්බර් 28 වනදා නඩුව යළි කැඳවීමට නියම කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *