මිනුවන්ගොඩ

රට සම්පූර්ණයෙන් වසා දමන (Lockdown) බවට පැතිරෙන පුවත බොරුවක්

ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාවම සම්පුර්ණයෙන්ම වසා දමන ( Lockdown) බවට පැතිර යන කටකතා සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත්, මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර ඇති බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.

ජනාධිපති ලේකම් කාර්යාලය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, යුධ හමුදාව සහ පොලිසිය විසින් නිකුත් කරන නිල නිවේදන හැර අනෙක් කිසිදු නිවේදනයක් ගැන අවධානය යොමු නොකරන ලෙසටයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *