යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 22ක ආධාරයක්

කොරෝනා වසංගතය හමුවේ සහන සැලසීමේ කටයුතු සඳහා යුරෝපා සංගමය විසින් යුරෝ මිලියන 22ක ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙනවා.

යුරෝපා සංගමයේ මෙරට කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ සෞඛ්‍යය, කෘෂිකර්ම සහ සංචාරක ක්ෂේත්‍රයෙන් යළි නගාසිටුවීම සඳහා මෙම ආධාර යොදවනු ඇති බවයි.

ලබා දෙන ආධාර වලින් යුරෝ මිලියන දෙකක් වෛද්‍ය පහසුකම් සඳහාද, කෘෂි කර්මාන්තය සඳහා යුරෝ මිලියන 16.5ක්, සංචාරක කේෂ්ත්‍රය වෙනුවෙන් යුරෝ මිලියන 3.5ක් වෙන් කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *