මෝටර් වාහන, සුඛෝපභෝගී භාණ්ඩ හා ආහාර වර්ග කීපයකට මාස 3ක ආනයන තහනමක්

කොවිඩ්-19 ව්‍යාප්ත වීමත් සමග රට තුළ ඇතිවී තිබෙන ආර්ථික තත්වය මත මෙරටට ආනයනය කරන භාණ්ඩ සහ ආහාර වර්ග කිහිපයක් මාස තුනක කාලයක් ආනයනය අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව මෝටර් වාහන, සුඛෝපභෝගී භාණ්ඩ, දේශිය වශයෙන් නිශ්පාදනය කළ හැකි ආහාර වර්ග කිහිපයක්ම මෙලෙස ආනයනය කිරීම මාස තුනකට අත්හිටුවා ඇත.

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ රජය විසින් ඊට අදාල විශේෂ ගැසට් පත්‍රයක් ද නිකුත් කර ඇති බවයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ (19) දිනයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *