මොරටුවේදී අණ නොතකා පලා ගිය මෝටර් රථයේ සිටි දෙදෙනෙක් හෙරොයින් ජාවාරමට සම්බන්ධයි

ඊයේ රාත්‍රියේ මොරටුව එගොඩඋයන ප‍්‍රදේශයේදී පොලිස් අණ නොතකා පළා ගිය මෝටර් රථයේ සිටි පුද්ගලයින් අතර හෙරොයින් ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු සහ බන්ධනාගාරයෙන් පැන ආ පුද්ගලයෙකු ද වන බව අනාවරණ වී තිබෙනවා.

පළා ගිය මෝටර් රථයට වෙඩි තැබීමෙන් එහි සිටි පුද්ගලයින් 03 දෙනෙකු තුවාල ලැබූ අතර එක් අයෙක් කොළඹ ජාතික රෝහලේත් අනෙක් දෙදෙනා පානදුර රෝහලේත් ප්‍රතිකාර ලබනවා.

ඉන් එක් තුවාලකරුවෙකු 2018 වසරේ හෙරොයින් ලග තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය මගින් අත්අඩංගුවට ගත් අයෙකු වන අතර තවත් තුවාලකරුවෙකු වරෙන්තුවක් සඳහා අධිකරණයට ඉදිරිපත් කර පසුව බන්ධනාගාරගතව සිටියදී ඉන් පළාගිය අයෙක් බවයි පොලීසිය පැවසුවේ. එම පුද්ගලයා ද හෙරොයින් ජාවාරම් කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *