මෙරට කොරෝනා රෝගීන් ගණන 3123ක් දක්වා ඉහළට

මෙරටින් වාර්තාවන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 3123 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේ එක් ආසාධිතයකු වාර්තා වූ අතර ඔහු ඉන්දියාවේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයෙකු බව සඳහන්. අද උදෑසන තවත් කොවිඩ් ආසාධිතයෙක් වාර්තා වූ අතර එම පුද්ගලයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අනුව මෙරටින් හමුවූ ආසාධිතයන් අතුරින් විදේශිකයන් දෙදෙනෙකු ඇතුලු 186 දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබමින් පසුවනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *