මෙරට කොරෝනා ආසාදිත තවත් අයෙක් ජීවිතක්ෂයට

මෙරට කොරෝනා ආසාදිත තවත් පුද්ගලයෙක් මීට සුළුවේලාවකට පෙර මරණයට පත්ව තිබේ. ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 4 දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කළේය.

මිය ගිය පුද්ගලයා පිරිමි පුද්ගලයෙක් වන අතර ඔහුගේ වයස අවුරුදු 58 ක් වෙයි.
IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු නිව්මෝනියා රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් මියගොස් තිබේ.

මේ වන විට ලංකාවේ කොරෝනා ආසාදිතයින් 151 ක් වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *