මෙරට කොරෝනා ආසාදිතයින් ගණන දහසේ සීමාව පසුකරයි

කොරෝනා ආසාධිතයින් 28 දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන 1020 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දින සවස වාර්තා වූ මෙම ආසාදිතයින් 28 දෙනා ඔලුවිල් පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් කර සිටි නාවික හමුදා සාමාජිකයින් බවටයි වාර්තා වන්නේ.

එමෙන්ම අද දිනය තුළ පුද්ගලයින් 10 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු පුද්ගලයින් ගණන 569 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *