මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1057 දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1057 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ අතර තවත් ආසාදිතයන් 16 දෙනකු සම්පූර්ණ සුවය ලබා අද දිනයේ රෝහල්වලින් පිටව යනු ලැබුවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 620 දක්වා ඉහළ ගොස් තිබෙන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 428ක් වේ.

මෙරට සමස්ත ආසාදිතයින් අතරින් 58.66% ක ප්‍රතිශතයක් මේ වනවිට පූර්ණ සුවය ලබා තිබෙන බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *