මෙරට එච්.අයි.වී ආසාදිතයින්ගේ වර්ධනයක්, ප්‍රතිකාර නොගන්නා පිරිස 2000ට ආසන්නයි

මෙරට තරුණ පරපුර අතර එච්.අයි.වී ආසාදනය සීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් පවතින බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පවසා සිටී. ඒ මහත්මිය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ වයස අවුරුදු 19ත් 25ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි අතර එච්.අයි.වී ආසාදනය වීම වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින බවයි.

එමෙන්ම මේ වන විට මෙරට තුළ එච්.අයි.වී ආසාදිතයින් 3600ක් හඳුනාගෙන ඇති අතර ඉන් ප්‍රතිකාරවලට යොමුවී සිටින්නේ පුද්ගලයින් 2000ක් පමණක් බවත් වෛද්‍ය රසංජලී හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *