රටේ ආර්ථිකය යළි පණ ගැන්වීම පිණිස සැලසුම් කරන ලද උපායමාර්ගය මෙම සති අන්තයේ ඉදිරිපත් කරන බව ජනධිපති කාර්යාලය වාර්තා කරයි. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග අඩපණ වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අදාළව මෙම සැලසුම් සකස් කරන බවයි.
එමෙන්ම රට තුළ පනවා ඇති වත්මන් සීමාවන් ලිහිල් කරනු ලබන්නේ පළාත් මට්ටමින් ලැබෙන සෞඛ්‍ය නිර්දේශ මත බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රකාශ කළේය. පළාත් සෞඛ්‍ය අධ්යක්ෂවරුන් සමග පැවති හමුවකදී ජනාධිපතිවරයා දැනුම් දී තිබුනේ කර්මාන්ත ආයතන, කෘෂිකර්ම සහ ව්‍යාපාර කටයුතු පෙර පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරන ලෙසයි. ඊට අදාළ නිර්දේශ සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා මගින් කඩිනමින් ඉදිරිපත් කරන ලෙසද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දී තිබුණි.