මිලියන 11 ක නිවස ලබා දීම හා ලබා ගැනීම සම්බන්ධ නඩුවට රවීට හා ඇලෝසියස්ට සිතාසි

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක හා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයකු වන අර්ජුන් ඇලෝසියස් යන අයට ලබන නොවැම්බර් මස 18 වැනිදාට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (12) නියෝග කර තිබේ. ඒ කොල්ලුපිටිය “මොනාර්ක්” නිවාස සංකීර්ණයේ රුපියල් මිලියන 11.68ක් වටිනා නිවෙසක් ලබා ගැනීම හා ලබා දීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් පවරනු ලැබ ඇති නඩුව සඳහායි.

අධි චෝදනා හයක් මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර් ශන කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව පසුගිය 21 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *