මිනුවන්ගොඩ කොවිඩ් ආසාධිත පොකුර 1346 දක්වා ඉහළට

මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත පොකුරෙන් කොවිඩ් වෛරසය ආසාධනය වූ තවත් පුද්ගලයින් 39 දෙනෙකු වාර්තා වූ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටිනවා. එම ආසාධිතයින්ගෙන් 25 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද, තවත් 14 දෙනෙකු ඇගළුම් කම්හලේ සේවකයින්ගේ සමීප ආශ්‍රිතයින් බවටද හදුනාගෙන තිබේ.

ඒ අනුව ඊයේ දිනය තුළ 1307 ක්ව පැවති මිනුවන්ගොඩ ඇගලුම් කම්හල ආශ්‍රිත කොවිඩ් ආසාධිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 1346ක් දක්වා ඉහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *