මැයි මාසයට අදාළ රු.5000 දීමනාව ලබාදීමේ වැඩපිළිවෙළ ඇරඹේ

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් සිය ආදායම් මාර්ග අවහිරවී ආර්ථික දුෂ්කරතාවට පත්ව සිටින පුද්ගලයින් සඳහා ලබා දුන් රුපියල් 5,000 දීමනාව මැයි මාසය සඳහාද ලබා දෙන බවත්, ඊට අදාළ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා සඳහන් කරයි.

ඒ අනුව ඉකුත් අප්‍රේල් මාසයේදී රුපියල් පන්දහසේ දීමනාව ලබාදුන් සියලුදෙනා වෙත මැයි මාසය සඳහාද රුපියල් පන්දහසේ දීමනාව ලබා දීමට නියමිතයි. එමෙන්ම අවශ්‍ය පුද්ගලයන් වෙත ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා දෙමින් ඔවුන්ගේ ආර්ථික මට්ටම දියුණු කර මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉදිරියේදී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ද සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *