මැදගොඩ අභයතිස්ස හිමිගෙන් ත්‍රිවිධ හමුදාවට මුහුණු ආවරණ කට්ටල 4,000ක්

කොවිඩ් – 19 වෛරසය පැතීරීම වැළැක්වීම වෙනුවෙන් යුද්ධ හමුදාවට භාවිතා කිරිම සඳහා මුහුණු ආවරණ කට්ටල 4,000 කට අධික ප්‍රමාණයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පැපිළියාන ශ්‍රී සුනේත්‍රදේවි රාජ මහා පිරිවෙන් විහාරස්ථානයේ වත්මන් ප්‍රධාන සංඝනායක මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නායක හිමිපාණන් විසින් පෙරේදා (15) දින කොවිඩ් 19 වෛරසය පැතීරිම වැළැක්වීමේ මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත ත්‍රිවිධ හමුදාවේ ප්‍රයෝජනය උදෙසා පරිත්‍යාග කරන ලදී.

කොවිඩ් 19 වෛරස් ආසාදිත රෝගීන් සඳහා දිවයින පුරා ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානවල මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන සිය ගණනකට ආසන්න යුධ, නාවික සහ ගුවන් හමුදා සාමාජිකයන් විසින් ඉටුකරනු ලබන අතිමහත් කාර්ය භාරය අගය කරනු පිණිස මෙම මුහුණු ආවරණ තොගය පරිත්‍යාග කර තිබේ.

මෙම පරිත්‍යාග කිරීමේ අවස්ථාව යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවත්වුණි. එහිදී මැදගොඩ අභයතිස්ස හිමි අවධාරණය කළේ අපේ ජාතියේ මෙම තීරණාත්මක මොහොතේදී සන්නද්ධ හමුදාවන්ගේ කැපවීම ප්‍රශංසනීය බවත්, මාරාන්තික වෛරසයට එරෙහි මෙහෙයුමේ ක්‍රියාකාරීව නියැලී සිටින සෞඛ්‍ය සේවකයින් මෙන්ම ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින්ට එක්සත් පවුලක් ලෙස මෙම අභියෝගය ජය ගැනීමේ අවශ්‍යතාවය හැ හැකියාව පිළිබඳවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *