මැති ඇමතිවරුන් ලබන සඳුදාට පෙර සිය රාජකාරී ඇරඹිය යුතුයි – ජනපති

දිවුරුම් දෙන ලද කැබිනට් සහ රාජ්‍ය ඇමැතිවරුන් ලබන සඳුදා දිනට පෙර සිය අමාත්‍යාංශවල රාජකාරි කටයුතු ආරම්භ කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුම් දී තිබේ. මෙම දැනුම්දීම සිදු කෙරුණේ මහනුවර මඟුල් මඩුවේදී ඇමැති මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව, මහනුවර ජනාධිපති මන්දිරයේ පැවැති දිවා භෝජන සංග්‍රහයේදීයි.

ඒ අනුව කැබිනට් ඇමැතිවරුන් රැසක් අද (13 ) වැඩ භාර ගැනීමට නියමිත අතර ප්‍රසන්න රණතුංග, පවිත්‍රා වන්නිආරච්චි වැනි ඇමැතිවරුන් එලෙස වැඩ භාර ගැනීමට නියමිත බවද එම අමාත්‍යාංශ නිවේදනය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *