මාකඳුරේ මධුෂ් මරුට

කොළඹ අපරාධ කොට්ඨාශය භාරයේ සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වූ මාකඳුරේ මධුෂ් කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ ඇතිවූ වෙඩි හුවමාරුවකදී ජිවිතක්ෂයට පත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණයක සඟවා තිබු හෙරොයින් තොගයක් සොයා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් විසින් මාකදුරේ මධුෂ් සමග එම ස්ථානයට ගොස් තිබේ. එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සමග වෙඩි හුවමාරුවක් ඇතිව තිබෙන අතර, ඊට මැදිවූ මාකඳුරේ මධුෂ් ජිවිතක්ෂයට පත්ව ඇති අතර කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් දෙදෙනෙකුටද තුවාල සිදුවී ඇත.

අනතුරුව සිදුකළ සෝදිසි කිරීම් වලදී රුපියල් කෝටි 22ක් වටිනා හෙරොයින් මත්කුඩු කිලෝ 22ක්, පිස්තෝල දෙකක් සහ යතුරුපැදියක් පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *