මහ මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙට දිනයේදී

ජුනි මස 20 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අද (19) දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිදුකෙරුණු අතර වැඩිදුර සලකා බැලීම හෙට දින පෙරවරු 10 දක්වා කල් තැබුණි. හෙට දින මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු කරුණු දැක්වීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *