මත්ද්‍රව්‍ය හා අපරාධකරුවන් සම්බන්ධ තොරතුරු දැනුම් දීමට විද්‍යුත් තැපැල් ලිපින දෙකක්

විෂ මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා පොලිස් මුලස්ථානය විසින් විශේෂ විද්‍යුත් තැපැල් ලිපිනයන් දෙකක්, ෆැක්ස් අංකයක් සහ ලිපිනයක් මහජනතාව වෙත හඳුන්වා දී තිබේ. ඒ අනුව විෂ මත්ද්‍රව්‍ය, සංවිධානාත්මක අපරාධ කල්ලි හා ඊට සම්බන්ධ සාමාජිකයින්ගේ තොරතුරු ලබා දීමට ලබාදුන් අංක 1997 යන දුරකථන අංකයට අමතරව [email protected].යන විද්‍යුත් තැපැල් ලිපිනයටද අදාළ තොරතුරැ ලබාදීම සිදුකළ හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේ.

තවද අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වත්කම් සහ මුදල් විශුද්ධකරණ පද්ධතිය යටතේ සිදුකරනු ලබන ක්‍රියාවන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා හඳුන්වා දුන් අංක 1917 යන අංකයට අමතරව [email protected] යන විද්‍යුත් ලිපිනය ඔස්සේ ද මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දිය හැකි බවත් ඒ මහතා දන්වා සිටී.

මිට අමතරව 0112-440440 යන ෆැක්ස් අංකයටත්, ලිපියකින් දැනුම් දෙන්නේ නම් පොලිස්පති, පොලිස්පති මාණ්ඩලික නිලධාරි, පොලිස් මුලස්ථානය, කොළඹ යන ලිපිනය ඔස්සේද මහජනතාවට තොරතුරු ලබාදිය හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පවසා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *