එජාපයෙන් ඉවත් කළ පිරිස වෙනුවට අලුත් මන්ත්‍රීවරුන් පිිරිසක් පත් කරනවා – එජාප මහ ලේකම්

පක්‍ෂයෙන් ඉවත් කෙරුණු පළාත් පාලන ආයතන මන්තී‍්‍රවරුන් වෙනුවට අලූත් මන්තී‍්‍රවරුන් පිිරිසක් පත් කරන බවත්, අදාළ ලේඛණය මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදීමටද කටයුතු කර ඇති බවත් එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

එක්සත් ජාතික පක්‍ෂයෙන් තේරී පත් වූ මෙවර සමගි ජන බලවේගයට සහය පළ කරන පළාත් පාලන නියෝජිතයින් 61 දෙනෙකු පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණයකට අනුව එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් කෙරුණු අතර සමගි ජන බලවේගයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වන හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 54 දෙනෙකුගේද පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීමටයි ඊයේ එක්සත් ජාතික පක්ෂය විසින් තීරණය කෙරුණේ. ඊට අදාළ ලිපි ඔවුන් වෙත අද (29) දිනයේ යොමු කරන බව එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා වැඩි දුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *