අගමැති

රජයේ ගිවිසුම් අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අනිවාර්ය කරනවා – අගමැති

රජයේ දේපළ හෝ වෙනත් කාරණා සම්බන්ධයෙන් ගිවිසුම්ගත වීමට පෙර අදාළ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අනිවාර්ය කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (29) කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී “පශ්චාත් කොවිඩ් 19 අභියෝග හා ඉදිරි මඟ” යන තේමාව යටතේ සංස්කෘතික නිඳහස සඳහා ජනතා සංසඳය මගින් සංවිධාන කළ විද්වත් හමුව අමතමිනි.

පසුගිය වසර හතර හමාරක් බලයේ සිටි යහපාලන රජය මේ රටේ සම්පත් විකුණා දැමූ බවත්, ඔවුන් සිදු කළ විනාශයෙන් පසුව ඉතිරි වී තිබෙන සුන්බුන් ඒකරාශි කරගෙන රටේ ඉදිරි ගමනක් යාම වත්මන් ආණ්ඩුවට පැවරී තිබෙන අභියෝගය බවත්, කෙසේ හෝ අප මාතෘභූමිය කලාපීය රටවල් අතර ඉදිරියට ගෙනයාම තමන්ග ඒකායන ප්‍රාර්ථනය බවද අවධාරණය කලේය.

එහිදී වැඩිදුරටත් අඳහස් පළ කරමින් අගමැතිවරයා පෙන්වා දුන්නේ කොවිඩ් -19 වසංගතය ශ්‍රී ලංකාවට පැමිණෙන විට යහපාලන ආණ්ඩුවේ ක්‍රියාමාර්ග හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිමටම සමතලා වී තිබුණු බවත් 2015 යහපාලන ආණ්ඩුව බලයට එනවිට තිබුණු සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය 2019 අවසන් වනවිට තුනෙන් පංගුවක් දක්වා පහත වැටී තිබෙන බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *