22 වැනි සංශෝධනයට විරෝධය පා SJB මන්ත්‍රීවරු කළු ඇඳුමින් පාර්ලිමේන්තුවට

යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඊයේ (25) කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.

මෙම විරෝධතාව සිදුකර ඇත්තේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම ඊයේ පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබියදීය.

SJB පක්ෂය යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කර ඇති අතර, එය ඉවත් කරගන්නා ලෙස රජයෙන් ඉල්ලා තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *